ආනයනිත ලුනු තොගයම රජයේ ලුනු සමාගමේ ලොක්කාට… ලොක්කගේ සමාගමෙන් රු. 24 ලුනු කිලෝව රු. 400ට ජනතාවට…!

May 21, 2025 at 3:13 pm | by emanisa.lk

ලුනු කිලෝවක් ආනයනය සඳහා රු. 24ක් වැය වන අතර රු. 40ක බද්ද ඇතුළු අනෙකුත් වියදම් සහ ලාභය එකතු කළ විට ලුනු කිලෝවක් රු.100කට අලෙවි කළ හැකි බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

එහෙත් පෞද්ගලික සමාගම් එම ආනයනිත ලුනු තොග මිලට ගෙන කුඩු කර කිලෝව රු.350-400 වැනි අධික මිලට අලෙවි කරන බවත් මීට පෙර ලුනු කිලෝවක මිල රු. 130ක් වූ බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මෙම ලුනු වෙළඳාම සිදුකරන්නේ පුත්තලම ලුනු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින ආචාර්ය රවී ලියනගේ සිය රයිගම් ආයතනය මගින් බවත් මුජිබර් රහුමාන් වැඩි දුරටත් අනාවරණය කරයි.

අද (21) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *