ආනයනය නතර කළොත් බිත්තරය රු. 100යි…!

April 16, 2024 at 1:24 pm | by emanisa.lk

අප්‍රේල් 01 වෙනිදා වන විට වේගයෙන් පහළ ගිය බිත්තර මිල නැවත අප්‍රේල් 4-5 වන විට ඉතා ම අසාධාරණ ලෙස ඉහළ නැංවූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසයි.

මේ නිසා මහා පරිමාණ කේක් නිෂ්පාදකයින් කිහිප දෙනෙකු හැරුණු විට සෙසු පිරිස කේක් නිෂ්පාදනය නොකළ නිසා අවුරුදු සමයේ කේක් නිෂ්පාදනය 75%කින් පමණ පහළ වැටුණු බවයි, ඔහු ප්‍රකාශ කළේ.

කිසිසේත් බිත්තර ආනයනය නතර නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටි එන්.කේ. ජයවර්ධන පැවසුවේ ආනයනය නතර කළහොත් මාෆියාකරුවන් බිත්තර මිල රු. 100 දක්වා ඉහළ නංවනු ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *