ආණ්ඩු කොවිඩ් ආසාදිත මට්ටම දෙදාහේ තියාගෙන ඉන්නේ PCR අඩු කරල…! – නලීන් බණ්ඩාර…

May 7, 2021 at 2:01 pm | by emanisa.lk

මුස්ලිම් ජනතාවට වද හිංසා පමුණුවන ආණ්ඩුවක් පවතින අවස්ථාවක අරලියගහ මන්දිරයට ගොස් අගමැති මහින්ද රාජපක්ෂ සමඟ ඉෆ්තාර් උත්සව තැබීමට මුස්ලිම් මන්ත්‍රීවරුන්ට ලැජ්ජාවක් නැත්දැයි සමගි ජන බලවේගය ප්‍රශ්න කරයි.

මේ වන විට ආණ්ඩුව එම මන්ත්‍රීවරුන්ගේ නායකයා වන රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගෙන ඇති බවත් මෙම කැඳවීමේ අරමුණ වරාය නගර පනත සම්මත කරගැනීමට උවමනා 2/3 බලය ලබා ගැනීමට ද යන සැකය ඇතැයි ද එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි.

ආණ්ඩුව පීසීආර් අඩු කර දෛනික ආසාදිත ප්‍රතිශතය 2000 මට්ටමේ රඳවා ගැනීමට කටයුතු කරමින් ඇතැයි ද කොවිඩ් මරණ පවා සඟවා ඇතැයි ජනතාව සිතන බව ද මන්ත්‍රීවරයා අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *