ජීවිත අනතුරේ… ආණ්ඩුව කයිය විතරයි…! අවුරුද්දට ම දුන්නේ ICU ඇඳන් 18යි…! – සමන් රත්නප්‍රිය…

April 28, 2021 at 10:48 pm | by emanisa.lk

දැඩි සත්කාර ඒකක ඇඳන් සංඛ්‍යාව වැඩි කරන බවට පසුගිය වසර පුරා රජය නොයෙකුත් වාගාඩම්බර දෙඩුව ද එම වසරේ වැඩි වී ඇත්තේ දැඩි සත්කාර ඒකක ඇඳන් 18ක් පමණක් බව හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසයි.

“දැඩි සත්කාර ඒකකවල ඇඳන් අරහෙ හදනවා මෙහෙ හදනවා, පිටින් ගේනවා නොයෙක් දේවල් පහුගිය අවුරුද්දෙ කිව්වා. නමුත් වැඩිවෙලා තියෙන්නෙ ඇඳන් 18යි.

IDH එකේ තියෙන්නෙ ICU ඇඳන් 8 යි. ඊළඟට තෙල්දෙණිය ප්‍රධානතම රෝහලක් කෝවිඩ් සඳහා වෙන් කරපු, ඒකෙ ඇඳන් 6යි. කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකවල ඇඳන් තියෙන්නෙ 24යි. නුවර එළියෙ 5යි. ජාතික රෝහලේ 96යි. මුල්ලේරියාව 8යි. මාරවිල 2යි තියෙන්නෙ. දඹුල්ල 3යි. පේරාදෙණිය 15යි. මඩකළපුව 15යි. බදුල්ල 20යි. කෑගල්ල 6යි. වතුපිටිවල 5යි. මාතර 15යි. ඊළඟට බස්නාහිර පළාතම ගත්තොත් 2020 දී තියෙන්නෙ ඇඳන් 193යි.

අද දවසකට කොරෝනා රෝගීන් 900ක් වාර්තා වෙනවා. ඉතිං මේ අය අසාධ්‍ය තත්ත්වයට පත්වුණොත් මේගොල්ලො ඇතුළත් කරන්නෙ කොහේටද කියන ප්‍රශ්නයක් ඉතාම ඉක්මන් අනාගතයේදී ඇතිවෙන්න පුළුවන්”.

සමන් රත්නප්‍රිය මහතා මේ බව පැවසුවේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *