ආණ්ඩුව 22 ගෙනැත් විපක්ෂේට ඔක්සිජන් දෙනවා… 22ට විරුද්ධ හැමෝම හොරු කියන එක ආණ්ඩුවේ තව බොරුවක්…! – වසන්ත මුදලිගේ….

September 2, 2026 at 7:27 pm | by emanisa.lk

22 වන ව්‍යස්ථා සංශෝධනයට එරෙහි සියලු දෙනා හොරුන් වංචාකාරයන් පාතාලයන් යැයි හංවඩු ගැසීමට තමන් එකඟ නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වසන්ත මුදලිගේ පවසයි.

එම සංශෝධනයට එරෙහිව පෙත්සම් 60 ගණනක් ගොනුකර ඇති බවත් ඒ සියලු දෙනා අපරාධකාරයන් දැයි ඔහු ප්‍රශ්න කරයි.

රජයට ලැබුණු ජන අභිලාෂයට පටහැනිව ආණ්ඩුව සිදුකරන මෙම ක්‍රියාව නිසා ආණ්ඩුව අපහසුතාවට පත්වන අතර මෙතෙක් නැගිටගත නොහැකිව සිටි විපක්ෂයට ඔක්සිජන් ලබා දී ඇතැයිද මුදලිගේ චෝදනා කරයි.

අධිකරණය හමුවේ පවතින නඩු ඇසීම වේගවත් කිරීමට විනිසුරු වයස ඉහළ නැංවීමෙන් කිසිදු සහනයක් නොලැබෙන බවත් ඒ සඳහා කළ යුත්තේ අධිකරණයේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, විනිසුරුවරුන් ප්‍රමාණය සහ අධිකරණ ප්‍රමාණය ඉහළ නැංවීම, නීතිපති උපදෙස් ලැබීම වේගවත් කිරීම ආදීය බවද හෙතෙම ප්‍රකාශ කරයි.

ඒ කිසිවක් නොකර මෙම කඩිමුඩියේ මෙම සංශෝධනය ගෙන එන්නේ එක් පුද්ගලයෙකු රැකගැනීම උදෙසා බවටද වසන්ත මුදලිගේ චෝදනා කරයි.

සිරස සටන දේශපාලන සංවාදයට එකතු වෙමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *