සර්ව පාක්ෂික ආණ්ඩුවක් තැනීම සඳහා ආණ්ඩුව ඇතුළට නොපැමිණ එළියේ සිට කුමක් කීවත් පලක් නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
ඇමැතිවරයා පෙන්වා දෙන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවට එකතු නොවී විවේචන ඉදිරිපත් කරන්නේ කුහකයින් බවයි.
ආණ්ඩුව සිදුකරන වැරදි ක්‍රියාවලට විපක්ෂය ද වගකිව යුතු බව පවසන මහින්ද අමරවීර, අවධාරණය කළේ එම පිරිස ආණ්ඩුවට නොපැමිණීම ඊට හේතුව බවයි.
විපක්ෂ කණ්ඩායමට ආණ්ඩුවට එකතු වුවහොත් වංචා දූෂණවලට එරෙහිව කටයුතු කළ යුතු ආකාරය කිව හැකි බව ද ඇමැතිවරයා ප්‍රකාශ කරයි.