ආණ්ඩුව රට ගොඩදාන්න හදන්නේ මිනිස්සු නොමරා මරලා..! – සජිත්….

October 16, 2022 at 11:19 am | by emanisa.lk

රජය විසින් පනවා ඇති නව බදු හේතුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සියල්ල විනාශ වී යා හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

“4,500,000 යැපෙන්නන් ඉන්නවා රටේ. බැංකු ණය ටික ගෙවා ගන්න විදියක් නැතුව ඇපේට තියපු සම්පත් ටික සින්න වෙන්න යනකොට මෙන්න ආණ්ඩුව කියනවා මීට අමතරව බදුත් ගෙවන්න ඕනේ කියලා.

මොන විහිලුවක්ද මොකක්ද කරන්න හදන්නේ. මිනිස්සුන්ව නොමරා මරලද රට ගොඩදාන්න හදන්නේ. අද ගල්අඟුරුවලිනුත් ගහනවා ගෑස්වලිනුත් ගහනවා. තෙල්වලිනුත් ගහනවා. ගහන්න පුළුවන් හැම එකෙන්ම ගහනවා කොමිස්.

රට බංකොළොත්, රටට ඩොලර් නෑ. හැබැයි කොමිස් කුට්ටියේ ඩොලර් තියෙනවා. මේ රටෙන් හොරා කාපූ සල්ලි ටික ඇයි මේ ආණ්ඩුවට ලබා ගන්න බැරි. මොකක් ද හේතුව?.”

සමගි ජන බලවේගයේ නාත්තන්ඩිය ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම අදහස් පළකළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *