ආණ්ඩුව පෙරළීමේ අනතුරක! මන්ත්‍රීවරු 42ක් ස්වාධීන වෙති!

April 5, 2022 at 12:12 pm | by emanisa.lk

පාර්ලිමේන්තුව අද (05) පෙරවරුවේ රැස් වූ අතර එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10හි මන්ත්‍රීවරුන් 16 දෙනෙකු අද දිනයේ සිට ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කළේය.

එමෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු 11 දෙනෙක් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බව අනුර ප්‍රියදර්ශන මන්ත්‍රීවරයා පැවසීය.

පොදුජන පෙරමුණ නියෝජනය කරන එම මන්ත්‍රීවරුන්ගේ නම් පහතින් දැක්වේ.

01. අනුර ප්‍රියදර්ශන යාපා
02. ජෝන් සෙනෙවිරත්න
03. සුසිල් ප්‍රේම්ජයන්ත්
04. චන්දිම වීරක්කොඩි
05. නලීන් ප්‍රනාන්දු
06. නිමල් ලාන්සා
07. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ජයරත්න
08. ප්‍රියංකර ජයරත්න
09. රොෂාන් රණසිංහ
10. ජයරත්න හේරත්

අද පෙරවරුවේ තම සමාජ මාධ්‍ය ගිණුමෙහි සඳහනක් තබමින් ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් සඳහන් කළේ තම පක්ෂයද ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන බවයි. එම පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *