පළාත් පාලන මැතිවරණය පැවත්වීම දිගින් දිගට ම කල් දමන්නේ නම් මේ ආණ්ඩුව පලවා හැර තාවකාලික පාලනයක් යටතේ සාධාරණ ඡන්දයක් පවත්වා ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත පවසයි.
නාමයෝජනා කැඳවා දින නියම කර තිබූ පළාත් පාලන මැතිවරණය දින නියමයකින් තොරව කල්දැමීම ආණ්ඩුව විසින් කළ නීති විරෝධී ක්රියාවක් බවයි, ඔහු සඳහන් කළේ.
මැතිවරණය පවත්වන ලෙසට ආණ්ඩුවට බලකරන බවත් එසේ නොකරන්නේ නම් ඊට විරුද්ධව මහ ජනතාව පෙළ ගැස්වීමට හා අධිකරණය හමුවට යෑමට ජවිපෙ සූදානම් බවත් හෙතෙම ප්රකාශ කළේය.