මෙවර දැවැන්ත ජන ගඟක් කොළඹට කැඳවා ආණ්ඩුව තුරන් කරන මැයි දින රැලිය පවත්වන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
ආණ්ඩුවේ සරල බහුතරය ද අවසන් කිරීම සඳහා උවමනා ජනතා උද්වේගය, ජනතා පිබිදීම මෙමගින් පෙන්වීම සඳහා බලාපොරොත්තු වන බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
එදා නුගේගොඩ රැලිය මගින් සිදුකළ පරිවර්තනය මෙවර මැයි දින රැලිය මගින් සිදුකරන බව ද විමල් වීරවංශ අවධාරණය කළේ ය.