ආණ්ඩුවේ අභ්‍යන්තර අරගලය අවසන්….! ජනපති මූලිකත්වයෙන් විමල්-බැසිල් පාර්ශ්ව අතර හමුවක්….!

July 12, 2021 at 8:27 pm | by emanisa.lk

ඇමැති විමල් වීරවංශ, ඇමැති උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායම සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් සතිඅන්තයේ පවත්වා ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත්වීම මත පැවැති මෙම සාකච්ඡාව ඉතා සුහදව සහ සාර්ථකව අවසන් වී තිබේ.

මෙහි දී බැසිල් රාජපක්ෂ අවධාරණය කර තිබෙන්නේ විපක්ෂයෙන් එල්ල වන අභියෝග හමුවේ ආණ්ඩුවේ සියලු දෙනා සහයෝගයෙන් කටයුතු කළ යුතු බවයි. ආණ්ඩුව තුළ තිබෙන අර්බුද සාකච්ඡා කර විසඳා ගනිමින් ශක්තිමත්ව ඉදිරියට යා යුතු බව ඔහු පෙන්වා දී ඇත. විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඒ සඳහා එකඟ වී ඇතැයි දැනගන්නට තිබේ.

ඇමැති උදය ගම්මන්පිලට එරෙහිව සමගි ජන බලවේගය ගෙන ආ විස්වාසභංග යෝජනාව ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ගේ ඒකමතික ඡන්දයෙන් පරාජය කළ යුතු බව දෙපාර්ශ්වය ම එකඟ වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *