ආණ්ඩුව ගැන රට ම කළකිරිල…! බැසිල් මුදල් ඇමැතිකමින් නෙරපනු…! – මුරුත්තෙට්ටුවේ හිමි….

March 26, 2022 at 5:30 pm | by emanisa.lk

කිසා ගෝතමියට නොමළ ගෙයකින් අබ මිටක් ගෙන එන ලෙස පැවසූ ආකාරයට ම ආණ්ඩුව කලනොකිරුණු ගෙදරකින් වතුර වීදුරුවක් ගෙන එන ලෙස තමන් අභියෝග කරන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

ආණ්ඩුව තව දුරටත් ජනතාවට වද වේදනා දෙන්නේ නම් පාරට බැස පසුගිය ආණ්ඩුව ලෙස ම මේ ආණ්ඩුව ද ගෙදර යැවීමට සිදුවන බවයි, උන් වහන්සේ අවධාරණය කරන්නේ.

ආණ්ඩුවේ අධීක්ෂණය සහ කළමනාකාරීත්වය අගමැති මහින්ද රාජපක්ෂට භාරගන්නා ලෙස ඉල්ලා සිටි මුරුත්තෙට්ටුවේ හිමි, බැසිල් රාජපක්ෂට කිසියම් සංවර්ධන ඇමැතිකමක් ලබා දෙන ලෙස ද සඳහන් කළේ ය.

එළඹෙන 31 වෙනිදා මහා සංඝරත්නය අභයාරාමයට රැස්ව ඉදිරි පියවර පිළිබඳ තීන්දුවක් ගන්නා බවයි, එහිමියන් වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *