ආණ්ඩුව ආර්ථිකය පෙන්නලා ජනතා නිදහස වළ දමනවා..! – මුජිබර් රහුමාන්…

September 28, 2023 at 4:38 pm | by emanisa.lk

රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට අවශ්‍ය යැයි කියමින් රජය ජනතාවගේ භාෂණයේ නිදහස ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කප්පාදු කරමින් සිටින බව සමගි ජන බලවේග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

මාධ්‍යට සහ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් නීති අණ පනත් ගෙන ඒම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩක්ද නැතිනම් පොලිසියේ වැඩක්ද යන කාරණය පිළිබඳ ගැටළු මතු වන බවත් හෙතෙම සඳහන් කළේය.

මීට පෙර මාධ්‍යට සම්බන්ධ පනත් සහ නීති ගෙන ආවේ ජනමාධ්‍ය අමාත්‍යාංශය වුවත් සමාජ මාධ්‍ය නියාමන පනත පොලිසිය භාර ඇමැතිවරයා ගෙන ඒමේ යටි අරමුණක් තිබෙන බවත් ඔහු පැවසීය.

රාජපක්ෂලාගේ අදහස්වලට අනුව වැඩ කරන පුද්ගලයෙක් බවට අද රනිල් වික්‍රමසිංහ පත්ව ඇතැයි ද මුජිබර් රහුමාන් එහි දී තව දුරටත් කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *