ආණ්ඩුව අපට පුදුම විදිහට බයයි….! ඒ ගැන මට හරි ම ආඩම්බරයි….! – සජිත්….

January 18, 2021 at 12:44 pm | by emanisa.lk

සාම්ප්‍රදායික විපක්ෂයක් මෙන් සමගි ජන බලවේගය වැඩක් කිරීමට බලයක් නැතැයි ජනතාව අතරට පැමිණ අදෝනා නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

සමගි ජන බලවේගය ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේ ය.

තමන් රට පුරා උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කරන බවත් ආණ්ඩුව ඊට කෙතරම් බය ද කිවහොත් උද්ඝෝෂණ නතර කරලීමට උසාවි නියෝග රැගෙන එන බව ද ඔහු පෙන්වා දෙයි.

උසාවි නියෝග ගන්න තරම් ආණ්ඩුව සමගි ජන බලවේගයට බය වීම පිළිබඳ සමගි ජන බලවේග නායකයා ලෙස ආඩම්බර වන බව ද සජිත් ප්‍රේමදාස සඳහන් කළේ ය.

ඊයේ (17) බුත්තල පැවති විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහනට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස