ආණ්ඩුව ජනප්‍රියත්වය සෝදා පාළුවෙයි..! 69 ලක්ෂෙ ජනවරම 3%ට වැටෙයි…!

July 1, 2022 at 6:40 pm | by emanisa.lk

රජයේ වැඩකටයුතු පිළිබඳව ජනතා අනුමැතිය පවතින්නේ 3%ක මට්ටමක බව වෙරිටේ රිසර්ච් ආයතනය අනාවරණය කරයි.

රට හිතන හැටි නමින් සිදුකළ දීප ව්‍යාප්ත ජනමත විමසුමේදී අනාවරණයවූ කරුණු හෙළිකරමින් වෙරිටේ රිසර්ච් ආයතනය මේ බව ප්‍රකාශ කරයි.

එම ජනමත විමසුමට අනුව රජයේ වැඩ කටයුතු පිළිබඳව ජනතා අනුමැතිය ගෙවුණු ජනවාරි මාසයේ දී පවතී 10%ක අනුමැතිය මෙලෙස 2% දක්වා පහත වැටි ඇත.

ආර්ථිකය ගැන විශ්වාසය කර තිබෙන ඇගයුමේ දී, ජුනි මාසය සඳහා එම අගය ලැබී තිබෙන්නේ සෘණ 96ක් (-96) ලෙසය.

මෙහිදී, ආර්ථිකය හොඳ මට්ටමක පවතින බව ප‍්‍රකාශ කර තිබෙන්නේ 1.8%කි. 1.3%ක් ආර්ථිකය හොඳ අතට හැරෙමින් පවතින බව ප‍්‍රකාශ කර ඇත.

ආර්ථිකය ගැන විශ්වාසය ගෙවුණු ජනවාරි මාසයේ පැවතියේ සෘණ 83ක (-83) අගයකය. වෙරිටේ රිසර්ච් මේ සඳහා භාවිතා කර තිබෙන්නේ මෙම කරුණ තෘප්ත කරන පුද්ගලයින් 1052නෙකුගේ නියැදියකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *