ආණ්ඩුවේ හිතුවක්කාරකම රට අගාධයට දැම්මා..! දැන් IMF ගියත් ගොඩගන්න බෑ…! – හර්ෂ…

February 22, 2022 at 5:19 am | by emanisa.lk

ඉන්ධන අර්බුදය හරහා මතු වූ විදුලි අර්බුදය හේතුවෙන් මේ වන විට රටේ ජනතාව බරපතල පීඩනයකට ලක්ව සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

ඉන් නොනැවතී ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙරට බැංකු පද්ධතියේ ස්ථායීතාවයට ද බලපෑම් එල්ල වී ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ ඒ හරහා බැංකු පද්ධතියද අර්බුදයට යාමේ අවදානමක් මතුව ඇති බවයි.

මේ සියලු අර්බුදවලට හේතුව වන ඩොලර් අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවට යන ලෙස පාර්ශ්ව රැසක් ආණ්ඩුවෙන් ඉල්ලා සිටි නමුත් ඊට කන්දීමට ආණ්ඩුව සූදානම් නොවී ඒ වෙනුවට විවිධ පැලැස්තර විසඳුම් යෝජනා කිරීම බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මෙරට සංචාරය සඳහා පැමිණෙන විදෙස් ජාතිකයන් සුළු පිරිසක් පෙන්වා හෝ වෙනත් පැලැස්තර විසඳුම් පෙන්වා හෝ මෙම දැවැන්ත අර්බුදය විසඳිය නොහැකි බවත්, තිබූ එකම විසඳුම අර්බුදය නිවැරදිව හඳුනාගෙන මුල්‍ය අරමුදල හමුවට යාම බවත් හර්ෂ ද සිල්වා පවසයි. ආණ්ඩුවේ හිතුවක්කාරී ක්‍රියාමාර් හේතුවෙන් මේ වන විට එම අවස්ථාවද අහිමි වී ඇති බවයි මන්ත්‍රීවරයා,  විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගීවෙමින් සඳහන් කළේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් සහන ලබා ගැනීමට තිබූ කාලසීමාව මේ වනවිට අවසන් වී ඇති බවත්, ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දොරට වැසී ඇති බවත් ඔහු පවසනවා.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කිසිදු රටකට නීති පැනවීමට හෝ කොන්දේසි පැනවීමට හෝ කටයුතු නොකරන බවයි. IMF බිල්ලෙකු ලෙස හදුන්වමින්, අර්බුදය විසඳා ගැනීමට තිබූ අගනා අවස්ථාව ආණ්ඩුව විසින් අහිමි කරගෙන ඇති බව ඔහු පෙන්වා දෙනවා

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *