ආණ්ඩුවේ හක්කේ බුදු රැස් බොක්කේ දඩමස්…! යහපාලනේ තහනම් කළ විෂ පොහොර ගොවීන්ට බෙදලා…!

November 26, 2021 at 8:47 pm | by emanisa.lk

මෙතෙක් රු. 1 500ට ලැබුණු යූරියා පොහොර කොට්ටය පෞද්ගලික ආනයනකරුවන් මෙරටට ගෙන එන විට රු. 10 000ක් පමණ වනු ඇතැයි සමගි ජන බලවේගය පවසයි.

මෙලෙස පොහොර මිල එකවර හත් අට ගුණයකින් ඉහළ යන විට ගොවියා පොහොර ටික මිලයට ගන්නේ කෙසේ දැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ප්‍රශ්න කරයි.

2015 වසරේ ආනයනය කර අධික ලෙස කැඩ්මියන් අඩංගු නිසා භාවිතයට අවසර නොදුන් පොහොර මෙට්‍රික් ටොන් 1700ක් ඇතුළු තවත් ප්‍රමිතියෙන් තොර පොහොර වර්තමාන ආණ්ඩුව යටතේ භාවිත කර ඇති බවට ද හෙතෙම චෝදනා කරයි.

ජනතාවගේ වකුගඩු රැක ගන්නට කතා කරන ආණ්ඩුවේ වැඩ හක්කේ බුදු රැස් බොක්කේ දඩමස් වැනි යැයි ද නලීන් බණ්ඩාර සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස