ආණ්ඩුවේ මැති ඇමතිවරු රාජ්‍ය දේපල හොරා කන විට ජනතාවාදී විපක්ෂය වන සමගි ජනබලවේගය ආණ්ඩුවේ සැබෑ වගකීම් ඉටු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
බංකොලොත් රටක රට පාලනය කරන ආණ්ඩුවට පාසල්වලට පරිගණකයක් දෙන්න බැරි වුවත් ජනතාවාදී විපක්ෂය වන සමගි ජන බලවේගය එම කාර්යය මේ වන විටත් සාර්ථකව සිදු කර ඇති බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරයි.
විපක්ෂය මෙවැනි වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරන විට බංකොලොත් රටෙත් අල්ලස, දූෂණය, වංචාව, කොමිස් ජාවාරම් දිනෙන් දින සිදු වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.
සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 89 වැනි අදියර යටතේ අනුරාධපුර රාජාංගනය රාහුල මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.