ආණ්ඩුවේ මන්ත්‍රීවරු 58කට නොනිල ඇමැතිකම්…! වාහන සහ දීමනා සැප සමඟ සංවර්ධන අධීක්ෂණ ධූර…!

August 29, 2021 at 10:59 pm | by emanisa.lk

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට අධීක්ෂණ මන්ත්‍රී ධුර පිරිනමා තිබේ.

රජය විසින් සිදු කරන සංවර්ධන කටයුතු වේගවත් කිරීම සඳහා එම සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය මෙම මන්ත්‍රීවරුන්ට පැවරෙන වගකීමය.

මෙම මන්ත්‍රීවරුන් සඳහා පත්වීම් ලිපි ලබන සතියේ මුදල් අමාත්‍යංශය ඔස්සේ නිකුත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

මෙම අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට රජයේ වාහන, ඉන්ධන පහසුකම් ඇතුළු දීමනා ද හිමිවන බව වැඩි දුරටත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *