ආණ්ඩුවේ ප්‍රශ්නේ පොහොර රසායනික වීම නෙමෙයි, සල්ලි නැතිකම…! – රනිල්…

July 5, 2021 at 12:59 pm | by emanisa.lk

ලංකා ආණ්ඩුවට දැන් තිබෙන ඇත්ත ප්‍රශ්නය විදේශ විනිමය හිඟ වීම මිස පොහොර රසායනික වීම නොවේ යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

කාබනික පොහොර පමණක් භාවිත කිරීමේ ප්‍රතිඵලය නිෂ්පාදනය අඩු වීම බව පෙන්වා දෙන රනිල වික්‍රමසිංහ, එම අඩුව පිරිමසා ගැනීමට රටින් ගෙන්වන සහල්වලට යොදා ඇත්තේ කුමන පොහොර දැයි ප්‍රශ්න කළේ ය.

ලෝකයේ කාබනික පොහොර භාවිත කරන්නේ කෘෂිකර්මාන්තයට යොදවන ඉඩම්වලින් සියයට 1.5ක පමණක් බවත් එජාප නායකයා පේනවා දුන්නේ ය.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සංවාදයක දී රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කළේ ය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *