ආණ්ඩුවේ තීන්දු විශ්වාස කරන්න බෑ…! වර්ජිත ගුරු වැටුපට රු. 5000 එකතු කරල නෑ…! – ජෝෂප් ස්ටාලිං…

September 18, 2021 at 2:57 pm | by emanisa.lk

රජය පොරොන්දු වු රුපියල් 5,000 දීමනාව වැටුපට එක්නොකිරීම තුළින් කැබිනට් මණ්ඩලයේ තීරණ පිළිබද විශ්වාසය ගිලිහි යන බව ජෝසෆ් ස්ටාලිං පවසයි.

“පැහැදිලිව ම කණගාටුයි. රු 5,000 නැහැ. රමේෂ් පතිරණ ඇමතිවරයා කිව්වා අපි දෙන්න තීරණය කළා කිව්වා සැප්තැම්බර. පඩි හම්බවෙලා තියෙන්නේ කිසිකෙනෙක්ට රු 5,000 නැහැ.

එය නොදීමෙන් ම පැහැදිලි වෙනවා කැබිනට් තීරණය පිළිබඳ තියෙන විශ්වාසනීයත්ව එතැනින්ම ඉවරයි. අපි රු. 5,000 ඉල්ලූවේ නෑ. අපිට රු 5,000 එපා. නමුත් එය නොදීමෙන් කැබිනට් මණ්ඩලය ගැන තිබු විශ්වසනීයත්ව එතැනින් ඉවරයි.”

අද (18) පැවැති මාධ්‍ය හමුවක දී ස්ටාලිං මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *