මහ කන්නයේ වී ගොවීන් සඳහා රුපියල් 25,000ක දීමනාවක් හා ධීවර ප‍්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ජනාධිපතිවරයා ගත් තීරණය මැතිවරණ කොමිසම විසින් අත්හිටුවනු ලැබ ඇත.
මහ මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කර ඇති අවස්ථාවේ මෙවැනි සහනාධාරයක් ලබා දීමට තීන්දු කිරීමෙන් සෙසු අපේක්ෂකයන් අගතියට පත්වීම සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ගත්තේ යැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි.
ඒ අනුව, අදාළ රාජ්‍ය ප‍්‍රතිපත්තිමය තීන්දු මහ මැතිවරණයෙන් පසුව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.
මහ කන්නයේ වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක දීමනාවක් ලබා දීමටත්, ධීවර ප‍්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබා දීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහ භාණ්ඩාගාරය වෙත උපදෙස් දුන්නේ පසුගිය 26 වන දා ය.
කෙසේ වුව ද ගොවීන් සඳහා ගෙවන දීමනාව රු. 25 000 දක්වා වැඩි කරීමේ තීන්දුව රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පසුගිය අගෝස්තු මස අනුමත කොට ප්‍රතිපාදන වෙන්කොට තිබිණි.