ආණ්ඩුවේ චක්‍රලේඛ බල්ලට දමා ඛනිජ තෙල් සේවකයින්ට බෝනස්..!

December 24, 2022 at 5:19 pm | by emanisa.lk

රජයේ නියෝග නොතකමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා සේවකයින් 2022 වසර සඳහා ප්‍රසාද දීමනා (බෝනස්) ලබා ගැනීමට සූදානම් වන බව වාර්තා වෙයි.

ඒ, පාඩු ලබන රාජ්‍ය සංස්ථා සහ මණ්ඩලය සඳහා ප්‍රසාද දීමනා නොගෙවන ලෙස මුදල් අමාත්‍යංශය චක්‍රලේඛයක් නිකුත් කර ඇති පසුබිමකය.

ඒ සඳහා ඛනිජ තෙල් සංස්ථා සියලු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් විසින් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

සේවකයින් 4200ක් පමණ සිටින ඛනිජ තෙල් සංස්ථාවේ අවම සේවක මූලික වැටුප රු. ලක්ෂයක් වන අතර රු. ලක්ෂයක පමණ බෝනස් දීමනාවක් එක් අයකුට ලැබෙනු ඇත.

මේ අතර ඉන්ධන අපනයනයට බව කියමින් රාජ්‍ය බැංකුවකින් රු. බිලියන 100ක ණය මුදලක් ලබා ගැනීමට ද ඛනිජ තෙල් සංස්ථාව සූදානම් වන බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *