පොහොට්ටුවේ කෙනහිලිකම් ඉවසන්න එපා…! සජිත් මැතිතුමා එක්ක එකතු වෙන්න…! – කබීර්ගෙන් ශ්‍රීලනිපයට ඇරයුම්…

January 3, 2021 at 3:57 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට සමගි ජන බලවේගය සමග එක්වන ලෙස එහි පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් ආරාධනා කරයි.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට මැතිවරණ කාලෙත් වේදිකාවේ හූ තිබ්බා. ඡන්දෙන් පස්සෙත් ඊට වඩා හූ තියවලා තියෙන්නෙ.

වැඩක් නැති ඇමැතිකම් දීලා, එස්.බී. දිසානායක වගේ අයට ඇමැතිකමක් දීලත් නෑ. මේ විදිහට කෙනහිලිකම්
විඳගෙන ඉන්නවට වඩා හොඳයි මහත්වරු වගේ එකතු වෙන්න අපිත් එක්ක.

අද මේ රටේ ප්‍රධාන විපක්ෂය විදිහට අපි හදන වේදිකාවට ඉදිරියේ දී සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක විශාල පිරිසක් එකතු වෙනවා. ඒ හයියට එකතු වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.”

මාවනැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *