ගෝඨාභය රාජපක්ෂ රජය කඩා වැටීම ආරම්භ වූයේ තමාත් උදය ගම්මන්පිලත් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමෙන් පසුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ජනතාව සහ රාජ්‍යය අතර පැවැති සම්මුතිය ඒ සමග බිඳ වැටුණු බවයි. එසේ ම වර්තමාන රජයේ කඩා වැටීම ඊයේ (27) ආරම්භ වූ බවයි, විමල් වීරවංශ සඳහන් කළේ.
ඊයේ ජනාධිපතිවරයා විසින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරවලින් ඉවත්කළ අතර ජනාධිපතිවරයා හොරු සමග සිටගත් බව ද හෙතෙම කීය.
රනිල් වික්‍රමසිංහ කිසිසේත් ඉදිරි ජනාධිපතිවරණයකට නොඑන බව ද විමල් වීරවංශ සඳහන් කළේය.