ආණ්ඩුවයි ජනතාවයි එකතු වී පොර බැදුවොත් රට ගොඩගන්න පුළුවන්…! – අනුර…

September 2, 2022 at 3:06 pm | by emanisa.lk

ආණ්ඩුව, පෞද්ගලික අංශය, ගොවි ජනතාව විදෙස්ගත ජනතාව ආදී සියලු ම පුරවැසියන් ඒකාබද්ධ වී පොර බැදුවහොත් වසර දෙක තුනකින් මේ අර්බුදයෙන් ගොඩ එන්න හැකි බව අනුර දිසානායක පවසයි.

ජවිපෙ නායකයා මේ බව ප්‍රකාශ කළේ අද (01) අතුරු අයවැය විවාදයට එකතු වෙමිනි.

රටේ සියලු ජනතාව එලෙස එකතු කිරීමට නම් ජනතා වරමින් ආණ්ඩුවක් පිහිටුවා ගත යුතු බව ද එසේ කළහොත් ජනතාව රටේ ප්‍රශ්න විසඳීමට වසරක් දෙකක් පමණ ආණ්ඩුවට කාලය ලබා දෙනු ඇති බව ද අනුර දිසානායක කීය.

වත්මන් ජනාධිපති තෝරාගෙන තිබෙන්නේ ජනතාව විසින් නොවේ යැයිද එමෙන්ම රනිල් වික්‍රමසිංහට එරෙහිව ලැබුණු ජනවරමකින් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක් හැදීම ජනවරමට පටහැනි යැයි ද අනුර දිසානායක කීය.

අතුරු අයවැය ද ජනවරමට ප්‍රතිපක්ෂ අයවැයක් බවත් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජනවරමක් අවශ්‍ය අතර දැන් ජනවරමක් නැති පාවෙන මිනිස් පුළුටු ටිකක් පැමිණ රට පාලනය කරන බව ද අතුරු අයවැය විවාදයට එක්වෙමින් අනුර දිසානායක කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *