ආණ්ඩුව වැඩ කරන්නේ සාමුහික අරමුණකින් බවත් මන්ත්‍රීවරුන් 157 කටයුතු කරන්නේ කෙසේද කියා හෙට හවස හතට 22 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පිළිබඳ ඡන්ද විමසිමේදී දැකගත හැකි බවත් අගමැතිනි හරිනි අමරසූරිය පවසයි.
ඇතැමුන් විවිධ කතා කීවද සිය කණ්ඩායමට ඇත්තේ සාමුහික අරමුණක් බවද අගමැතිනිය පෙන්වා දෙයි.
යුක්තිය ඉටුකරගත හැක්කේ මුදල් සහ දේශපාලන බලය ඇති අයට පමණක් වූ යුගය අවසාන කරන බවද හරිනි අමරසූරිය අවධාරණය කරයි.
අද (24) පාර්ලිමේන්තුව අමතමින් අගමැතිනිය මේ බව කියා සිටියාය.