ආණ්ඩුවට බුකියේ මඩ ගහන්න විපක්ෂයෙන් මඩ බලකායක්!

November 15, 2020 at 2:08 pm | by emanisa.lk

රටේ වර්ථමාන දේශපාලන මතය  වෙනස් කිරීම සඳහා රටේ ප්‍රධාන දේශපාලන නායකයන්ගේ ෆේස්බුක් පිටුවල සහ වෙනත් පිටුවල රජය විවේචනය කරමින් කමෙන්‍ට් කිරීමට විපක්ෂය විසින් පිරිස් මිල දී ගෙන කරගෙන යනු ලබන ක්‍රියාවලියක් ගැන තොරතුරු වාර්තා වෙමින් තිබේ.

මෙහි දී රජයට සම්බන්ධ දේශපාලකයින්ගේ පිටු වෙත ගොස් නිර්ධය ලෙස බැන වැදීම් හා විවේචන එල්ල කරමින් සැබෑ ජනමතය විකෘති කොට ව්‍යාජ මතයන් සමාජගත කිරීම අරමුණ වී ඇති බව මේ පිළිබඳව තොරතුරු සන්නිවේදන ප්‍රතිචාර සංගමය කළ සමීක්ෂණයකින් හෙළිවී ඇත.

මෙහිදී එක් අයෙක් සදහා මසකට රුපියල් 2500- 5000ත් අතර මුදලක් ගෙවන බවට වාර්තා වන අතර අදාළ මහෙයුම විපක්ෂය නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයකුට සම්බන්ධ පෞද්ගලික ආයතනයක් ඔස්සේ සිදුවන බව දැනගන්නට තිබේ.

එම මන්ත්‍රීවරයා පසුගිය යහපාලන රජය සමයේ ප්‍රබල අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ අතර එවක ඔහුගේ අමාත්‍යංශය හරහා අදාළ පෞද්ගලික සමාගමට විශාල මුදලක් පොම්ප කළ බවට ද චෝදනා එල්ල විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *