අරගලයේ දිශානතිය පිළිබඳ මේ වන විට විශාල සැකයක් මතුව ඇතැයි හරීන් ප්‍රනාන්දු පවසයි.
අරගලය වෙනුවෙන් පෙනී සිටි තමන් ඇතුළු විපක්ෂයට ද අරගලකරුවන් පාර්ලිමේන්තුව සිට පැමිණෙමින් සිටිය දී බාධා කළ බවට ඔහු චෝදනා කරයි.
අරගලයට සහාය දක්වන තමන් වෙත ද මෙලෙස විරෝධය පෑම පිළිබඳ කනගාටු වන බවත් නිවැරදි දිශානතිය වෙත අරගලය ගමන් නොකළහොත් එය පරාජය වන බව කනගාටුවෙන් වුව ද ප්‍රකාශ කිරීමට සිදුවන බවත් හරීන් ප්‍රනාන්දු අවධාරණය කරයි.
අරගලකරුවන් අතර මේ ආණ්ඩුව භාරගෙන කළ හැකි යැයි සිතන අයකු සිටී නම් ඔවුන්ට ආණ්ඩුව කරගෙන යාමට තම සහය හිමි වන බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.