මහ බැංකුව සහ මුදල් අමාත්‍යංශය එක්ව ඊයේ (07) නිකුත් කරන ලද ගැසට්පත්‍රය මගින් පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් සතු සේවක අර්ථ සාධක අරමුදලින් විශාල බද්දක් අයකිරීමේ සූදානමක් ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කියයි.
සිය ෆේස් බුක් ගිණුමට වීඩියෝවක් එකතු කරමින් හෙතෙම මේ බව ප්‍රකාශ කරයි.
“රුපියල් බිලියන 2 කට වඩා ලාබ තියෙන සියලු ම සමාගම් වලින් 25% ක බද්දක් අයකරන බව කියනවා. මේකේ හංගලා, ඇතුළේ, අර්ථකතනයේ තියෙන්නේ, ඊ.පී.එෆ්. එක – ඒ කියන්නේ අර්ථ සාධක අරමුදලටත් – මේ බද්ද වදිනවා කියලා.
අර්ථ සාධක අරමුදල කියන්නේ ලංකාවේ තියෙන ලොකු ම අරමුදල. ඒකේ ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 3 ක් – රුපියල් බිලියන 3000 ක් – විතර වෙනවා. 2020 වසර සඳහා ඒකේ ලාභය රුපියල් බිලියන 250 ක් විතර වෙනවා. ඒකෙන් 25% ක් කියන්නේ රුපියල් බිලියන හැට දෙකහමාරක් විතර.
ජීවිතේ පළවෙනි වතාවට, ආණ්ඩුවක්, අර්ථ සාධකේටත් ගහල තියෙනවා.”