ආගමික වාර්ගික දේශපාලන පක්ෂ ලියාපදිංචිය නවතයි….! මුස්ලිම් කොංග්‍රසයට, දෙමළ සන්ධානයට නම් වෙනස් කරන්නත් නියෝග…!

March 24, 2021 at 8:53 pm | by emanisa.lk

නිල නාමය යම් ආගමික හෝ වාර්ගික හෝ වශයෙන් නම් කෙරෙන දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (23) රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගත් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

පවතින නීතිය අනුව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරනු ලබන්නේ ජාතික පක්ෂයක් ලෙස බැවින් ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කෙරෙන පක්ෂ ලියාපදිංචි නොකිරීමට තීරණය වූ බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම දැනට ලියාපදිංචි කර ඇති පිළිගත් දේශපාලන පක්ෂවල නිල නාම එවැනි ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කර ඇත්නම් ඒවා සංශෝධනය කිරීමට මෙන්ම එම පක්ෂවල ව්‍යවස්ථාවේ එවැනි වගන්ති ඇතුළත් වන්නේ නම් අදාළ දේශපාලන පක්ෂ දැනුම්වත් කර ඒවා සංශෝධනයට සාධාරණ කාලසීමාවක් ලබාදීමට ද මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේ දී තීරණය වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *