මහින්ද රාජපක්‍ෂ සිය තාත්තා හෝ ගෝඨාභය රාජපක්‍ෂ බාප්පා හෝ නොවන බවත් වාහන අළෙවි සැලකින් මිලදීගත් වාහනය ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඡන්දෙට පාවිච්චි කිරීම පිළිබඳව තමන්ට වගකීමක් නොමැති බවත් ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි පවසයි.
පියුමි හංසමාලි මහත්මිය නාරාහේන්පිට ප්‍රදේශයේදී ඊයේ (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එසේ පැවසීය.
පියුමි හංසමාලි වන තමන් රේන්ජ් රෝවර් වාහනයක් සහ කොළඹ හතෙන් ගෙයක් ගැනීම මුළු ලංකාවට ප්‍රශ්නය වී ඇති බවත් ක්‍රීම් නිෂ්පාදනය කරන ඇතමුන් සල්ලි දී මෙවැනි චෝදනා කරන බවත් ඇය කීවාය.
රේන්ජ් රෝවර් රථය මිලදී ගැනීමෙන් පසුව ගෝඨාභය රාජපක්‍ෂගේ වාහන මිල දී ගත්තේ යැයි තමන්ට එරෙහිව චෝදනාව ඉදිරිපත් කළ පුද්ගලයා ප්‍රකාශ කළේ රාජපක්‍ෂලාගෙන් පලිගැනීමේ චේතනාවෙන් බව කී හංසමාලි මහත්මිය ඔහුට රාජපක්‍ෂලා සමඟ ඇති ප්‍රශ්නයක් සිය කරමතින් යැවීමට උත්සහ කරන බව ද සඳහන් කළාය.
අහිංසකව ව්‍යාපාරයක් කරන තමන් වැනි කෙනෙක්ට මෙවැනි චෝදනාවක් නැගීම පව්කාර වැඩක් බවත් ඒ වැඩේට ඔහුට උඩ ඉන්න දෙවියෝ දඩුවම් කර තිබෙන බවත් ඇය සඳහන් කරන්නීය. හොඳ වාහනයක් පදින විට නැති කෙනෙක්ට ඊරිසියාව ඇති වන බව කී ඇය දෙයක් ඉගෙනගෙන ඇවිත් සල්ලි හම්බකරලා වාහනයක් ගැනීමට තහනමක් නොමැති බව ද පැවසුවාය.
සිය සමාගම අළෙවි කරන ක්‍රීම් පැක් එකක මිල රුපියල් 35,000 ක් පමණ වන බවත් ඇනවුම් 25,000 ක් පමණ සපයා ඇති බැවින් ඒ පිළිබඳව අවදානය යොමු කර මෙරට ජනතාවට තීරණයක් ගතහැකි බවත් ඇය කීවාය.
වැරදිකර නොමැති නිසා බියකින් තොරව පොලිසිය වෙත පැමිණි බව කී පියුමි හංසමාල් මහත්මිය පැවසුවේ වැරදි ව්‍යාපාරක කර ඇත්නම් චකිතයකින් සහ භයකින් යුතුව පැමිණිය යුතු බවත්ය.විදේශයකට ගොස් දෙයක් ඉගෙන පැමිණ අහිංසකව ක්‍රීම් ව්‍යාපාරයක් කරන බවත් පොලිසිය වෙත පැමිණීමේදී බැංකු වාර්තා ෆයිල් පෝරබෑග් 5 ක රැගෙන ආ බවත් ඇය කියන්නීය.
මෙවැනි ප්‍රශ්න පැමිණේ යැයි අනුමාන කළ නිසා ව්‍යාපාරයේ සියලු දේවල් බැංකු හරහා කළ බව කී හංසමාලි මහත්මිය පියුමි හංසමාලි සල්ලි හම්බ කළේ කුඩු විකුණලද, සිය සල්ලි කළු සල්ලි ද යන්න ඉදිරියේදී දැනගත හැකි බව ද ඇය වැඩි දුරටත් සඳහන් කළාය.