අසීරුම මොහොතෙ චීන මිතුරා සහයට…! ශ්‍රී ලංකාවට සහල් ටොන් 2000ක ආධාරයක්…!

March 26, 2022 at 7:53 am | by emanisa.lk

ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක් පමණ වටිනා සහල් මෙට්‍රික්ටොන් 2000ක් ලබාදීමට චීන රජය බලාපොරොත්තු වන බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි.

චීන-ශ්‍රී ලංකා අතර රබර් සහ සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් හදිසි ආහාර ආධාරයක් ලෙස මෙම සහල් තොගය ලබ දෙන බව ද චීන තානාපති කාර්යාලය වැඩි දුරටත් කීය.

වර්තමාන ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස ශ්‍රී ලංකාව චීන රජයෙන් ඩොලර් බිලියන 2.5ක ණයක් ද මීට පෙර අයදුම් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *