අවුරුදු සමග 3 වන රැල්ලක්…! මාස දෙකකට පසු රෝගීන් 500 පනී..! කුරුණෑගල ගමක් වසා දැමේ…!

April 22, 2021 at 6:15 am | by emanisa.lk

ඊයේ දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 578 දෙනෙකු මෙරටින් හඳුනා ගෙන තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. මෙරටින් ආසාදිතයින් 500 ඉක්මවා අද දිනයේ වාර්තා වුයේ මාස දෙකකට පසුව වීම විශේෂත්වයකි.

අවසන් වරට මෙරටින් කොවිඩ් ආසාදිතයින් 500 ඉක්මවා වාර්තා වී ඇත්තේ ඉකුත් පෙබරවාරි මස 22 වෙනිදායි. එදින වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 518ක් වන අතර ඉන් 490ක් දේශීයව හඳුනා ගත් අතර සෙසු 28 දෙනා විදේශගතව සිට පැමිණි අයයි.

අද වන විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 98,050ක් වන අතර දැනට රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 3,752කි. මේ වන විට සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 93,668ක.

මේ අතර වයස අවුරුදු 39ක පුද්ගලයෙකු ද ඇතුළුව අද දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 05ක් වාර්තා වී ඇත. මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 630ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මිට අමතරව කුරුණෑගල, ගනේවත්තේ හි පිහිටි තිත්තවැල්ලගල ග්‍රාමනිලධාරී වසම මේ මොහොතේ සිට හුදෙකලා කර ඇති බව යුද හමුදාපතිවරයා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස