අවාරයේ සිරිපා කරුණාවෙන් ලක්ෂ 20ක දේපළ හානියක්…!

May 7, 2024 at 12:24 pm | by emanisa.lk

අවාරයේ ශ්‍රීපාදය කරුණා කළ ස්වදේශික පිරිස් විශාල දේපළ හානියක් සිදුකර ඇති අතර එම හානිය පිළිසකර කිරීමට රුපියල් ලක්ෂ 20කට වඩා වැය කිරීමට සිදුවනු ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පවසයි.

ස්වදේශික සංචාරකයන්ගේ ඉල්ලීම් සලකා බලා පසුගිය වසරේ දී පමණක් වන්දනාවට ඉඩ ලබාදුන් නමුත් ඔවුන් විසින් කසළ දැමීම, වැසිකිළි පද්ධතියට හානි සිදුකිරීම්, ජලනළ පද්ධතියට හානි කිරීම්, අම්බලම් ඇතුළු නවාතැන් ගන්නා ස්ථානවලට බරපතළ හානි සිදුකර ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දෙයි.

මේ හේතුවෙන් පසුගිය සිකුරාදා ශ්‍රීපාදස්ථානාධිපති, දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්, පොලිසිය, රාජ්‍ය නිලධාරීන් එක්ව සිදුකළ ශ්‍රීපාද වන්දනා සමය පිළිබඳ තීරණ ගැනීමේ කමිටුව ගත් තීරණයකට අනුව අවාරයේ ස්වදේශිකයන්ට වන්දනාවට ඉඩ ලබා නොදෙන බවත් පසුගිය වසරට පෙර සිට ම අවාරයේ ශ්‍රීපාද වන්දනාවට ස්වදේශිකයන්ට අවසර නොදුන්නේ යැයිද විදේශිකයන්ට සංචාරය තහනමක් නොතිබුණේ යැයි ද හෙතෙම පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *