අවාරයේ සිරිපා කරුණා කිරීමේ වරම් සුද්දන්ට විතරයි…! – ශ්‍රීපාදස්ථානාධිපති නාහිමි…

May 4, 2024 at 9:51 am | by emanisa.lk

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමට ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පවසති.

උන් වහන්සේ ඒ බැව් කියා සිටියේ 2023-2024 වර්ෂය සදහා ශ්‍රි පාද වන්දනා වාරය මේ මස (24) දිනයෙන් අවසන් කිරිම සම්බන්ධයෙන් නිලධාරීන් දැනුම්වත් කිරිම සඳහා නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිණි.

මෙම දැනුම්වත් කිරිමේ වැඩසටහනේ දී වැඩි දුරටත් අදහස් දැක් වු බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් කියා සිටියේ අවාරයේ ශ්‍රි පාදයේ සංචාරය සඳහා පැමිණෙන දේශීය සංචාරකයන් ශ්‍රි පාද පුදබිම සහ පරිසරයට විශාල ලෙස හානි සිදු කරන නිසා අවාරයේ ශ්‍රි පාදස්ථානය සංචාරය කිරීමට අවසර ලබා නොදීමට තිරණය කළ බවයි.

අවාරයේ ශ්‍රි පාදය කරුණා කිරීම සඳහා කිසිදු මාර්ගයක් ඔස්සේ දේශීය සංචාරකයන්ට අවසර ලබා නොදෙන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් සහ නල්ලතන්නිය පොලිසියෙන් ශ්‍රි පාදස්ථානාධිපති නාහිමියෝ එහි දී ඉල්ලිමක්ද සිදු කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *