ගෝඨා බැසිල් දේශපාලනේට ආවේ මගේ පස්සෙන්..! සිරිපාදේ ඝාන්ඨරෙයි එළාරගේ රත්තරන් කරත්තෙයි හොරකම් කළා..! රජ ගෙදරට පැනල බෙල්ලෙන් අල්ලලා එළවන්න ඕන..! – මර්වින්…

June 25, 2022 at 7:01 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ඉතිහාසය හෝ සංස්කෘතිය නොදන්නා අයකු බව ආචාර්ය මර්වින් සිල්වා පවසයි.

රාජපක්ෂ පවුල ගැන තමා තරම් කිසිවකු නොදන්නා බවත් බැසිල්, ගෝඨාභය හැදුණේ තම නිවසේ බවත් දේශපාලනයට ආවේ තමා පිටුපසින් බවත් ආචාර්ය සිල්වා පෙන්වා දෙයි.

කෙතරම් යන්න කීවත් ගෝඨාභය නොයන බවත් එහෙයින් රජගෙදර ගේට්ටු කඩා ඔහු බෙල්ලෙන් අල්ලා එළවා දැමිය යුතු බවත් ඔහු අවධාරණය කරයි.

රනිල් වික්‍රමසිංහ මොන බම්බුවකට අගමැතිකම භාරගත්තේ දැයි තමා නොදන්නා බවත් දිව්‍ය පුත්‍රයෙක් අගමැතිකමට ගෙන ආවත් ගෝඨාභය කකුලෙන් අඳින බවත් මර්වින් සිල්වා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *