අවලස්සන ඇමරිකානුවා, ඇමරිකාවට පළා යන තුරු සටන් කරනවා…! – ගම්මන්පිල…

March 15, 2022 at 9:29 am | by emanisa.lk

බැසිල් රාජපක්‍ෂ කියන අවලස්සන ඇමරිකානුවා යළි ඇමරිකාවට යන තුරුම සටන නොනවත්වන බවත් යන්නේ නැතිනම් එළවන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

හිටපු ඇමැතිවරය එසේ කියා සිටියේ ඊයේ (14) පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.

විමල් වීරවංශට එරෙහි නඩු යළි එළියට එනවා නේද? යනුවෙන් මාධ්‍යවේදියෙකු කළ විමසීමට පිළිතුරු ලබා දෙමින් ඔහු එහි දී වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“නඩු දමාවි, හිරේ දමාවි, සමහර විට මරා දමාවි. අපව මරා දැමුවත් අපේ සටන නම් මරා දැමීමට ඉඩ තබන්නේ නැහැ.

මේ සටන පටන් ගත්තා විතරයි. අපි අභ්‍යන්තර සටනක් කළා. එය සාර්ථක වුණේ නැහැ.

අපි ජනතාව සමග එකතුවෙලා ජනතාව පෙළගස්නවා. ජනතාව පෝලිම්වල දුක් විඳින්නේ අවශ්‍ය හේතුවක් මත නොවෙයි. මෙම තත්ත්වය ඇති කළ තත්ත්වයක් මිස ඇති වුණ තත්ත්වයක් නොවෙයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *