සියලු මරණවල පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා පීසීආර් පරීක්ෂණ වාර්තාවක් අවශ්‍ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. ඔහු ඒ සඳහා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
මේ අනුව පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා පී.සී.ආර් වාර්තාවක් මින් ඉදිරියට ලබාගත යුත්තේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ මරණ පරීක්ෂකවරයාගේ හෝ ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරයාගේ අභිමතය අනුව පමණක් බව කොවිඩ් සම්බන්ධීකාරක සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි පැවසුවේය.
මෘත ශරීර නිදහස් කර ගැනීමේදී ජනතාවට විඳීමට සිදුවූ අපහසුතා අවම කිරීමේ අරමුණෙන් මෙම පියවර ගත් බව ද ඔහු සඳහන් කළේය.