30 වෙනිදා රට ඇරියොත් කොවිඩ් මරණ 16 700ක්….! රට වැහුවොත් ඩො.බි. 2.2ක දැවැන්ත පාඩුවක්…! – තීන්දුව අද…

August 27, 2021 at 11:33 am | by emanisa.lk

එළඹෙන 30 වෙනිදා රට විවෘත කළහොත් කොවිඩ් මරණ 16 700 දක්වා වේගයෙන් ඉහළ යනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධිතව සිදුකළ ජාත්‍යන්තර පර්යේෂණයක් මගින් පෙන්වා දෙයි. එහෙත් එමගින් ආර්ථික බලපෑම ඩොලර් බිලියන 1.1කට සීමා වනු ඇතැයි ද පෙන්වා දෙයි.

කෙසේ වුව ද සැප්තැම්බර් 18 වෙනිදා දක්වා රට වසා තැබුවහොත් කොවිඩ් මරණ 13 712 දක්වා අඩු වනු ඇති බවත් එහි ආර්ථික බලපෑම ඇ.ඩො. බිලියන 1.67ක් වනු ඇති බවත් පෙන්වා දෙයි.

එසේ ම ඔක්තෝබර් 02 වෙනි දා දක්වා රට වසා තැබීමෙන් කොවිඩ් මරණ 10 400 දක්වා පහත වැටෙනු ඇති බවත් ආර්ථික බලපෑම ඇ.ඩො. බිලියන 2.2 දක්වා ඉහළ යනු ඇති බවත් පර්යේෂණය මගින් අනාවරණය කරයි.

නිරෝධායන ඇඳිරි නීතිය 30 වෙනිදායින් ඔබ්බට දීර්ඝ කරන්නේ ද යන්න රජය අද (27) තීරණය කරනු ඇත.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස