අලි පොහොට්ටු මගුල රටට අවමගුලක්…! විසඳුම අරගලයයි..! – ෆීල්ඩ් මාර්ෂල්…

January 16, 2023 at 2:58 pm | by emanisa.lk

සියලු කොටස් එකතු කරගෙන දෙවෙනි අරගලය ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

“ජනාධිපතිතුමාට සැලසුමක් නැහැ. සුරංගනා කතා කිය කියා ඉන්නවා. ජනවරමකින් මේ ආණ්ඩුව පෙරලනවා. ජන අරගලය ඉදිරියට ගෙනියනවා.

නැවතත් අරගලයක් ජනතා විප්ලවයක් ගොඩනඟනවා. දූෂිත පාලනය එළවනවා. අලි පොහොට්ටු මගුල රටට අවමගුලක් වෙලා ඉවරයි.

දූෂිත දේශපාලනඥයන් තොර රටක් ගොඩනගනවා. දෙවැනි අරගලයට ශක්තිමත් අඩිතාලමක් හදනවා. සියලු කොටස් එකතු කරගෙන. නොවැටෙන අරගලයක් ගොඩනගනවා. ආණ්ඩුවේ මිනිසුන්ට අං තට්ටුවයි වලිගයයි විතරයි අඩු.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *