අලියටයි පොහොට්ටුවටයි එකට තියලා අපි අරින්නේ…! – මරික්කාර්…

January 13, 2023 at 8:15 am | by emanisa.lk

ඉන්ධන නැව්, ගෑස් නැව් ප්‍රමාද කර නැවතත් පෝලිම් ඇති කර මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව සැලසුම් සකස් කරන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සඳහන් කරයි.

“රටට ජාතියට ආගමට ආදරයක් නැති මිනිහෙක් රටක නායකයෙක් වෙලා ඉන්න වෙලාවක, හොරු ආරක්ෂා කරන ජනාධිපතිවරයෙක් ඇවිල්ල ඉන්න රටක, හොරු රැලක් එක්ක එකට එකතු වෙලා ඉන්න රටක ඒ ජනතාවගේ අනාගතය, ඒ අයගේ දරුවන්ගේ අනාගතය සාර්ථක වෙන්න කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ.

එක්සත් ජාතික පක්ෂයයි පොහොට්ටුවයි එකට එකතු වෙනවා කියලා නිවේදනය කළා. පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන හෙක්ටර් අප්පුහාමි මැතිතුමනි, තරහ වෙන්න එපා, පුත්තලම් බූරුවෙක් තමයි මේක කිව්වේ.

මහාමාන්‍ය ඩී එස් සේනානායක මැතිතුමා හදපු, අපේ ජීවිතය බඳු ආදරය කළ එක්සත් ජාතික පක්ෂය, හොරුන්ගේ දූෂිතයන්ගෙන් ත්‍රාඩයන්ගේ, මංකොල්ලකාරයන්ගේ මිනීමරුවන්ගේ රැකවලා බවට පත්වෙලා නිල වශයෙන් ඒක ප්‍රකාශයට පත් කිරීම අපි සමගි ජන බලවේගයේ හිටියත් අපිට දුකක් අපිට කණගාටුවක්.

සිරිකොත මහගෙදර හොරුන්ට මිනීමරුවන්ට තැනක් තිබුනේ නැහැ. මේ රටේ මහ ජනතාවගේ දේපළ මංකොල්ල කාපු අයට තැනක් තිබුනේ නැහැ. අද අපට පේනවා සිරිකොත මහගෙදර මේ රටේ මිනිසුන්ගේ දේපොළ මංකොල්ල කාපු හොරුත් එක්ක එකට දීග කන තැනක් බවට පත්වෙලා තියෙනවා. අපිට අවංකවම කනගාටුයි ඒක ගැන. ඡන්ද ගැන නෙමේ කනගාටුව තියෙන්නේ ඒක ගැන.

අපි ඒ නිසා ඔය පුත්තලමේ බූරුවට කියන්න කැමතියි මිනිහට බස් ඩ්‍රයිවර්ලා එක්ක තරඟයක් නැහැල්ලු. එයාට බස් ඩ්‍රයිවර්ලා එක්ක තරගත් නැහැ, හොර ඔප්පු ලියන තැන්වල තරඟ නැහැ. එයාට වෙන වෙන දේවල් මං ඒව කියන්න කැමති නෑ. ඡන්දෙට ඇවිල්ලා පෙන්නන්න.

අලියයි පොහොට්ටුවයි එකට නමලා තමයි අරින්නේ අපි. අපි ඉතා පැහැදිලිව කියන්න ඕනේ දැන් මේ දීගය අපි දකින්නේ බටහිර රටවල තියෙනවා living together ක්‍රමය වගේ. විවාහ නොවී පිරිමියයි කාන්තාවයි එකට ජීවත් වෙනවා. දැන් මේ living together හිටපු කට්ටිය කසාද බැන්දා වගෙ වැඩක්.”

ඔහු මේ බව කියා සිටියේ, කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *