අර්බුදය හැදූ රාජපක්ෂලා එක්ක ආයේ බෑ..! නාමල්ගේ යෝජනාවට හවුල් පක්ෂ 09 පයින් ගසයි..!

July 3, 2022 at 12:50 pm | by emanisa.lk

ආණ්ඩුව වෙනස් කර, සියලු දෙනා එක්ව නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් කරන ලදැයි කියන යෝජනාවක් හවුල් පක්ෂ නවයේ කණ්ඩායම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

නාමල් රාජපක්ෂ මෙම යෝජනාව හිටපු අමාත්‍ය වාසුදේව නානයක්කාර හමුවී දැනුම් දී ඇති අතර, වාසුදේව නානායක්කාර ඉකුත් අඟහරුවාදා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ පැවැති හවුල් පක්ෂ නවයේ නායකයන්ගේ සාකච්ඡාවේදී එම යෝජනාව පක්ෂ නායකයන් හමුවේ ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

එහිදී පක්ෂ නායකයින් සියලු දෙනා විසින් එම යෝජනාව දැඩිව ප්‍රතික්ෂේප කරනු ලැබූ බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එහිදී හවුල් පක්ෂවල නායකයන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ, මෙම අර්බුදයට රාජපක්ෂලා වගකිවයුතු බැවින්, ඔවුන් සමග තව දුරටත් ආණ්ඩු කිරීමේ හැකියාවක් නොමැති බවය.

එබැවින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමඟ මේ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් නොකිරීමට ද හවුල් පක්ෂවල නායකයන් තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වුව ද නාමල් රාජපක්ෂ සිය සමීපතම මිතුරන් සමග පවසා ඇත්තේ තමා වාසුදේව නානායක්කාර මුණගැසුණේ ඔහු අසනීප වී සිටි නිසා සුවදුක් විමසීමට බවය. ආණ්ඩු තැනීම හෝ ඒ පිළිබඳ තීන්දු තීරණ පොදුජන පෙරමුණට මිස තමන්ට ගත නොහැකි බව ද නාමල් රාජපක්ෂ එහි දී අවධාරණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *