අර්බුදය මැද ගසාකෑම් ජයට ම…! රු. 7000 ඖෂය රු.77000ට මිලට ගනී…!

April 2, 2023 at 2:03 pm | by emanisa.lk

රජය වැඩි මිලට ඖෂධ ගැනීම අඛණ්ඩව සිදු කරන බවත් තවත් ඖෂධ දෙකක් වැඩි මිලට ගැනීමට සූදානම් වන බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් පවසයි.

රුපියල් 7000 ක් වන ගැන්සයික්ලෝවියන් නම් ප්‍රතිවෛරස එන්නත රුපියල් 77000 කට සහ රුපියල් 200 ක් වන ලිනොසොලිඩ් නැමැති ප්‍රතිජීවකය රුපියල් 2200 කට මිලදී ගැනීමේ වෑයමක් ඇති බවත් හෙතෙම අනාවරණය කළේය.

අසියානු සංවර්ධන අරමුදල හරහා කෙරෙන මෙවැනි ගනුදෙනු හේතුවෙන් රට අනවශ්‍ය ණයකරුවෙක් බවට පත්වන බවත් රවී කුමුදේශ් කීය.

ඊනියා මාර්ගෝපදේශ හරහා වන මෙවැනි තාක්ෂණික අකටයුතුකම් නැවතත් සිදුවන්නේ තීරණ ගන්නා ඇතැම් නිලධාරීන් ද මෙම ගනුදෙනුවල කොටස්කරුවන් වී ඇති නිසා බව ද ඔහු වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *