මැයි 09 වැනිදා සිදුවූයේ අරගලකරුවන්ට ප්‍රහාරයක් එල්ල වීම නොව අරගලකරුවන් විසින් තමා ඇතුළු නිරායුධ පිරිසට පහර දීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පවසයි.
අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමකින් අනතුරුව තමන් ඇතුළු මැති ඇමතිවරුන්, පාක්ෂිකයන් ඇතුළු පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත සන්දේශයක් බාරදීම සඳහා පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කරමින් සිටි බවත්, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැකවල් ලා සිටි අරගලකරුවන් තමන් ඇතුළු පිරිසට එළව එළවා පහර දුන් බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
ජීවිත ආරක්ෂාව පතා තමන් සමග සිටි පාක්ෂිකයන් ප්‍රති-ප්‍රහාර එල්ල කළ බවත්, සියලු ගැටලුවලට හේතු වූයේ අරගලකරුවන් එල්ල කළ ප්‍රහාරය බවත් ඔහු චෝදනා කරයි.
අරගලයට මුවාවෙමින් නීතිය තුට්ටුවකට මායිම් කරමින් පසුගිය කාලයේදී මහජන දේපල විනාශ කිරීම, රාජ්‍ය ආයතනවලට කඩා පැනීම වැනි අපරාධ සිදුකළ පුද්ගලයන් වෙනුවෙන් නීතිඥ සංගමයද පෙනී සිටින බව සනත් නිශාන්ත පවසයි.
අද අල්ලා ගන්නා අපරාධකරුවන්ට හෙට වන විට ඇප ලැබෙන බවත්, පොදු දේපල පනත යටතේ පුරාවිද්‍යා පනත යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට එසේ ඇප ලබා දෙන්නේ කෙසේදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරනවා.
මෙම තත්වය සඳහා නීතිඥ සංගමය පමණක් නොව, නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන් හා ඇතැම් විනිසුරුවරුන් ද වගකිව යුතු බව සනත් නිශාන්ත සඳහන් කරයි.