අරගල නායක විශ්වලංකා හොර වාහනයක් පැද පොලිස් දැලේ…!

September 20, 2022 at 1:53 pm | by emanisa.lk

නිවේදකයෙකු මෙන් ම රංගන ශිල්පියෙකු වන විශ්වලංකා පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වෙයි.

ඒ ව්‍යාජ ලෙස එකලස් කළ වාහනයක් භාවිත කිරීමේ චෝදනාව මතය.

ඊට අදාළ ඡායාරූප සහ ලේඛන කිහිපයක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙයි.

ගාලු මුවදොර අරගලයෙහි ප්‍රමුඛ චරිතයක් වූ විශ්වලංකා හොරකම වංචාව සහ දූෂණය නොමැති සාධාරණ සමාජයක් ගොඩනැඟීම සඳහා කැප වන බව නිතර ප්‍රකාශ කළේය.

ඔහු බොහො විට ෆේස්බුක් ලයිව් පැමිණ මෙවැනි කතා ප්‍රකාශ කළේ අදාළ ව්‍යාජ වාහනයේ සිට ම වීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *