අරගලය පරාද වුණේ වියත් මගක් නොතිබුණ නිසයි…! – ෆොන්සේකා..

September 16, 2022 at 10:23 pm | by emanisa.lk

අරගලය පරාජයට පත්වූූ⁣යේ ඊට නායකත්වයක් නොමැති නිසා නොව අඩිතාලමක් නොමැති නිසා බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

මේ රටේ උගතුන් එකතු වී අරගලයට පදනමක් සකස් කොට දෙමාපියන් මෙන් අරගලයේ යෙදෙන තරුණයින්ගේ ආරක්ෂාවට පසුපසින් සිටගත යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.

මේ ගැටලු සඳහා පාර්ලිමේන්තුවෙන් විසඳුම් නොලැබෙන බවත් පාර්ලිමේන්තුව නියෝජනය කරන ආචාර්ය මහාචාර්යවරුන්ට බුද්ධිය නොමැකි බවත් ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා සඳහන් කළේය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *