අරගලකරුවන්ගෙන් රාජිතටත් ප්‍රහාරයක්…!

July 9, 2022 at 2:24 pm | by emanisa.lk

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට ද අරගලකරුවන් පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙයි.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට සිදුකරන විරෝධතාවට ගාලු මුවදොර දී එකතු වී සිටි මන්ත්‍රීවරයාට මෙලෙස පහර දී තිබේ.

එම ප්‍රහාරයෙන් ඉතා ම අසීරුවෙන් මන්ත්‍රීවරයා බේර ගන්නා ආරක්ෂකයින් ඔහු රැගෙන යන ආකාරය දැකගත හැකිය.

රාජිත සේනාරත්න දිගින් දිගට ම ආණ්ඩු විරෝධී අරගලයට නායකත්වය ලබා දුන් මන්ත්‍රීවරයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *