අයවැයට පෙර කැබිනට් සංශෝධනයක්..! පොහොට්ටුවටත් ඇමැති කිරි එරේ…!

October 28, 2023 at 3:05 pm | by emanisa.lk

අයවැයට පෙර යළිත් වතාවක් කැබිනට් සංශෝධනයක් කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අයවැය ජයග්‍රහණය කිරීම සඳහා මන්ත්‍රීවරුන්ගේ සහාය ගැනීම ඉලක්ක කර මෙම සංශෝධනය කෙරෙන අතර එහිදී අමාත්‍ය මණ්ඩලයට අලුත් මුහුණු කිහිපයක්ම එක් කෙරෙනු ඇත.

මේ යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍ය ධුර පිරිනැමෙනු ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් දස දෙනකුට අමාත්‍ය ධුර ඉල්ලා සිටිය ද ජනාධිපතිවරයා ඊට යහපත් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් තව දුරටත් ඇවිටිලි නොකිරීමට එම පක්ෂය තීරණය කර තිබිණ.

කෙසේ වුව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දිගින් දිගටම අසාධාරණකම් සිදු වුවහොත් අයවැය හෝ වෙනත් තීරණාත්මක අවස්ථාවක දී සුදුසු ප්‍රතිචාර දක්වන බව එම පෙරමුණේ මන්ත්‍රීවරු ගණනාවක්ම පසුගිය කාලයේ දී ප්‍රකාශ කළහ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 අයවැය යෝජනා නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. විසර්ජන කෙටුම්පත තෙවැනි වර කියවීම සඳහා ඡන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් 13 වැනිදාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *