2022 අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ පාර්ලිමේන්තුවරුන් තිදෙනෙකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්රී ෆයිසාල් කාසිම්, නසීර් අහමඩ් සහ H.M.M. හාරිස්ගේ පක්ෂ සාමාජිකත්වය මෙලෙස අත්හිටුවා තිබේ.
මුස්ලිම් කොංග්රස් නායක රවුෆ් හකීම් විසින් අද (24) දින මේ බව ප්රකාශ කර තිබේ.
මෙම පිරිස 20 වන සංශෝධනයට ද පක්ෂව ඡන්දය ප්රකාශ කළහ.